පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනතාව පීඩාවට පත් කෙරෙන කිසිඳු වර්ජන ක්‍රියාමාර්ගයකට දායක වන්නේ නැහැ - දුම්රිය වෘත්තීය සමිති රැසක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවේ පොරොන්දු වෙයි.

     

     

    කොළඹ කොටුව - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක සදහා විකල්ප යෝජනා ලබාගැනීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

    කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබුණි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ රාජ්‍ය සේවකයන් දහස් ගණනක් කොළඹ - මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සේවය කරන බැවින් ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බවයි.

    ඉඩම් පවරා ගැනීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය 2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණි. මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදුකරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා (JICA) ආයතනය විසිනි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1,850 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර තිබුණි.

    නමුත් ඉකුත් සමයේදී රට මුහුණ දුන් ආර්ථික හා සමාජීය අර්බුද හමුවේ මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කෙරිණි. මෙවන් පසුබිමක එලෙස ඉදිකිරීම් අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ජපාන රජය එකඟ වී ඇත්තේ ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතාගේ පසුගිය ජපාන නිල සංචාරයේ දී පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙසිනි.

    කිලෝමීටර 16 ක දිගින් හා නැවතුම්පොළ 16 කින් සමන්විත වන සේ ඉදිකිරීමට නියමිතව තිබූ මෙම දුම්රිය සේවාව හරහා මාලබේ සිට කොළඹ -කොටුව දක්වා මිනිත්තු 30 කින් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

    කාර්ය බහුල වේලාවලදී සෑම මිනිත්තු 4 කට වරක් ද, සාමාන්‍ය වේලාවලදී මිනිත්තු 10 කට වරක් ද නැවතුම්පොළකට දුම්රියක් පැමිණෙන ආකාරයට මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

     

    2022 වර්ෂයේ පැවැති තත්වය මත අනුයුක්ත කරන ලද ගුරු සේවයේ ගුරුවරුන් සඳහා ගුරු මාරු මණ්ඩලය මඟින් ලබා දෙන ස්ථාන මාරු ක්‍රියාත්මක වන බැවින්, මාර්තු මස 24න් පසු අනුයුක්ත තවදුරටත් දීර්ඝ කිරීම සිදු නොකරන බව දැනුම් දෙනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


    දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද උදෑසන 8.00 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී තහවුරු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya