ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට හානි සිදුවන අයුරින් කිසිදු ආකාරයේ තීන්දුවක් රජය විසින් නොගන්නා බවත්, ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට අවසර දිමට රජය කටයුතු සිදුකරගෙන යන බවට වන පුවත් අසත්‍ය බවත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
වී ගොවියාට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් රජය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 100 බැගින් වී මිල දී ගෙන අඩු අදායම්ලාභීන්ට නොමිලයේ සහල් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුන් බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කුමන ආකාරයකින් හෝ මැතිවරණය පවත්වා අවසන් වන තෙක් ජනාධිපතිධූරය හෝ අගමැතිධූරය කිසිදු ආකාරයේ වෙනසකට භාජනය නොවන බව තමා වගකීමෙන් පවසන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.