සියලු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන, දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සහිත, සංවර්ධනාත්මක අයවැයක්, හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
යුද්ධයේදී ආබාධිත විශ්‍රාමික රණවිරු සාමාජිකයන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කොට තිබියදීත් (07) දින ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ හා ඒ අසල ඇති කළ කලහකාරී තත්ත්වය සැලසුම් සහගතව රජය අපහසුතාවයට පත් කිරීමටත් රණවිරුවන් හා රජය අතර බරපතළ බෙදීමක් සිදුකිරීමටත් කළ කුමන්ත්‍රණයක් බව රජය අවධාරණය කරයි.
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන අතර නොවැම්බර් මස 12 වනදායින් පසු වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන සහ සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.