බලංගොඩ, වටවල, බෝවත්ත, රජවක යන ප්‍රදේශවලට ප්‍රබල ගැටළුවක් ව තිබූ වන අලි ගම් වැදීම සහ කෘෂිකර්මික වගාවන්ට හානි සිදුකිරීම වැළැක්වීම සඳහා සමනල වැව සිට මුල්ගම හරහා සූරියවැව තෙක් කිලෝමීටර් 54ක අලි වැට මාස 03ක් ඇතුළත ඉදිකිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වනජීවී අමාත්‍යවරිය විසින් උපදෙස් දෙන ලදී.
මෙතෙක් මාකුඹුර දුම්රිය ස්ථානයෙන් පමණක් ක්‍රියාත්මක වූ කැළණි මිටියාවතේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම නුගේගොඩ දුම්රිය ස්ථානයේ දී ලබාදීම ඊයේ ( (14) දින නිල වශයෙන් ආරම්භ විය.
තැපැල් ඡන්ද නිකුත් කිරීම කල්දමා ඇති බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙයි.
සිරියානු-තුර්කි භුමිකම්පාවෙන් විපතට පත්වුවන් සෙවීම්, මුදවාගැනීම් හා සහන සැලසීම සදහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂඥ කණ්ඩායම සදහා අවශ්‍ය සෙවීම් හා මුදවාගැනීම් උපකරණ ලබා දෙයි.