ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ගෙන ඇති මූලික පියවර තවදුරටත් ඉදිරියට ගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
වගා කටයුතුවලට රසායනික හා කාබනික පොහොර යොදා ගැනීමේ දී ජාතික පොදු පොහොර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ඊයේ (13) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.