රටේ ආර්ථික අභියෝග තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටීමට හෝ එම ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු නිවැරදි නොකර ආර්ථික අර්බුදයට භාරදීමට කිසිසේත් සූදානම් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ශ්‍රවණාබාධිත පුද්ගලයින්ටත් රියදුරු බලපත්‍ර ලබා දීම වෙනුවෙන් ඊට අදාළව ගම්පහ දිස්ත්‍රික්කය තුළ රියදුරන් 75 දෙනකුගෙන් යුතු නියාමන ව්‍යාපෘතියක් ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්
නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඵෛතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ආරම්භ කිරීම ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු විය.
පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.