ජාත්‍යන්තර රොටරි සමාජය විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල යටතේ රුපියල් මිලියන 60 ක් පමණ වටිනා ඖෂධ තොගයක් (15) ප්‍රදානය කරනු ලැබීය.
ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් 500ක් සඳහා රුපියල් බිලියන 02 ක වටිනාකමින් යුත් තොරතුරු තාක්ෂණ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (15 දින) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ "ඩන්කන් වයිට්" ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
ඕමාන රාජ්‍යය, ඕමාන තානාපති කාර්යාලය සහ මැදපෙරදිග කලාපේ අනෙකුත් රටවල් අපහසුතාවට පත්වන ආකාරයේ පුවත් පළවීම සම්බන්ධයෙන් රටත්, ආණ්ඩුවත්, ජනතාවත්, මාධ්‍යත් වෙනුවෙන් සිය කණගාටුව පළ කරන බවත්, ශ්‍රී ලංකාව දීර්ඝ කාලීන ද්වීපාර්ශ්වීය සබදතාවන් මෙම රටවල් සමග තිබෙන බැවින් සුළු සිදුවීම් නිසා එම සබදතාවන් බිද වැටීමට ඉඩදිය නොහැකි බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
කීර්තිමත් ලේඛක ජේ.එෆ්. රංජිත් පෙරේරා මහතා විසින් රචිත ‘Prabhakaran’s Ruthless Terrorism in the Guise of a Liberation’ විද්‍යුත් ග්‍රන්ථය (E-Book) එළිදැක්වීමේ උත්සවය (දෙසැම්බර් 15) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.