කෝප් කමිටුව විසින් කරන ලද නිර්දේශ සහ තීරණ ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය.
වයඹ පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාදීම සතියේ දින තුනක පමණයි
නව ප්‍රභේද සමග නැවත වතාවක් කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක් දැන් උද්ගතව ඇති බැවින් ඉන් මිදීමේ හොඳම ක්‍රමය එන්නත් මාත්‍රා 4ම ලබා ගැනීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.
ඉන්දියානු රජය හරහා ඕමාන් රාජ්‍යයෙන් මෙරටට ඇනවුම් කර ඇති මෙට්‍රික් ටොන් 65,000 කින් යුතු පොහොර ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 40,000ක් පමණ පළමු තොගය රැගත් නෞකාව මේ මස 09 දා මෙරටට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක මහින්ද අමරවීර මහතා අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.