ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා හමුවිය. මෙම හමුවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

    මෙහිදී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ෂාඕ ලෙජි (Zhao Leji) මහතාගේ සුබ පැතුම් පණිවිඩය චීන තානාපතිවරයා විසින් දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක ලෙස තේරී පත්වූ ආචාර්ය අසෝක රන්වල මහතා වෙත පිළිගන්වන ලදි.

    එසේම දෙපාර්ශවය අතර සාකච්ඡාවක් පැවැති අතර, ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලීන සහයෝගීතාව සිහිපත් කළ නව කථානායකවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජය තුළ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

    මෙහිදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා සඳහන් කළේ, දෙරටේ ව්‍යවස්ථාදායක ආයතන අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වීම වැදගත් බවත්, ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නව පාර්ලිමේන්තුවේදී ද ස්ථාපිත කිරීම ඒ සඳහා වැදගත් වන බවයි.  

                     

    මීට අමතරව, ආර්ථික සංවර්ධනය, දෙමුහුන් බීජ සංවර්ධනය ඇතුළු කෘෂිකර්මාන්තයට අදාළ කරුණු, ජල කළමනාකරණය, බොරතෙල් පිරිපහදු කිරීම, විදේශ ආයෝජන සහ අපනයන ප්‍රවර්ධන ආදී ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගිතාව පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය.

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් , දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 141කට අයත් පවුල් 66,947ක පුද්ගලයින් 230,743 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් උදය හේරත් මහතා පවසයි.

    අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ගුවන් හමුදාව තවදුරටත් නිරීක්ෂණ රාජකාරීන්වල නිරත වේ. 

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන දා දක්වා කල්යන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya