ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවත්නා සේවා ගැටලු හා අඩුපාඩු පිළිබඳ ව විධිමත් ව පරීක්ෂා කර බලා කඩිනමින් විසඳුම් වාර්තා කරනු පිණිස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කමිටුවක් පත් කර ඇත.
පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30 ට රැස්වන අතර පෙ.ව. 9.30 සිට පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාළගුණවිද්ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි
කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බවට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමග අද (26) උදෑසන කළ සාකච්ඡාවක දී කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුව එකගතාවය දක්වා ඇත.