මවුබිමේ ස්වාධීනත්වය හා නිදහස උදෙසා අභීතව නැගී සිටිමින් ඓතිහාසික අරගලවලට පණ පෙවීම වරදක් සේ සලකා අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ අභීත පුත‍්‍රයන් අසූ දෙදෙනෙකු සැබෑ දේශපේ‍්‍රමීන් ලෙස යළි වීරත්වයට පත් කිරීමේ නිල ගැසට් පත‍්‍රයට (01) දින පස්වරුවේ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් අත්සන් තැබීය.























