ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    විශේෂාංග

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා යාපනයේ සියවස් බාල දක්‍ෂ ජම්බෝරිය හා 9 වෙනි ජාතික බාලදක්‍ෂ ජම්බෝරිය පැවැත්විණි.

    ශ‍්‍රී ලංකාව සහ ඔස්ටි‍්‍රයාව අතර වූ මිත‍්‍රශීලි රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවන්ට දශක 06කට වැඩි ඉතිහාසයක් ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඔස්ටි‍්‍රයාවේ හොෆ්බර්ග් ජනාධිපති මන්දිරයේ  (19) දින පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

    ''එකම දැයක් මහබලයක්'' අභිමානවත් 68වැනි නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ, ගාලුමුවදොර පිටියේ දී පැවැත්විණි.

    ආසියාවේ, ඉන්දියාවේ සහ අග්නිදිග ආසියාවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය සඳහා 2016 පෙබරවාරි 01 සිට 03 දක්වා මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාව පිළිබඳ සමුළුවක් පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය, පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (ශ්‍රී ලංකා ශාඛාව) ඒකාබද්ධව සංවිධානය කරයි.

    රණවිරු පවුල් සුභ සාධනය, ආර්ථික සාමාජීය ප්‍රවර්ධනය හා රට වෙනුවෙන් රණවිරුවන්ගේ දායකත්වය හා කැපවීම අගය කිරීම අරමුණුකොට‍ගෙන විරුසර වරප්‍රසාද කාඩ්පත රණවිරු පවුල් ‍වෙත  ඊ‍යේ (25) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ප්‍රදානය කෙරිණි.

    සෞඛ්‍ය, විද්‍යා හා තාක්ෂණ, වෙළඳ, සංඛ්‍යාලේඛන, මැණික් හා ස්වර්ණාභරණ, මුදල් විශුද්ධිකරණ හා සංස්කෘතික ආදී ක්ෂේත්‍ර  සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික නෛතික ලේඛන කිහිපයකට අත්සන් තැබීම අද (05) ජනාධිපති ලේකම් කාර්යලයේ දී සිදු විය.

    නත්තල් උත්සවය කිතුනු බැතිමතුන් විසින්පමණක් නොව ලොව පුරා වෙනත් ආගම්වල ප්‍රජාව විසින් ද විශ්වීය සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ.මන්ද එය මුලු ලොව ම සමරන උත්සවයකි.

     

    නත්තල යනු කතෝලික ආගමේ එන ශාස්තෘවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය යි. ‍මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යනනමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ, මරියා නමැති කන්‍යාවගෙන් උපත ලැබූ බවකිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි. මෙම අසිරිමත් නත්තල පිළිබඳ ව ශුද්ධ වූබයිබලයේ ලූක් සහ මතෙව් යන කතුවරුන් ලියා ඇත. ජේසුස් වහන්සේ හෙවත්ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවර දී මරිය තුමියට දාව සුරැකි පියා වනජුසේ තුමාගේ රැකවරණය මැද ඉපදුණු බව එහි සඳහන් වේ.

    රටේ ආර්ථිකය දියුණු කරන්නට ශ්‍රීලංකාවේ ආර්ථිකය පිළිබද සාකච්ඡා කරන්නට, ශ්‍රී ලංකා ඉකොනොමික් ෆෝරම් නම් වැඩසටහන ආරම්භ කරන්නට එන ජනවාරි මාසයේ 7 වෙනිදා 8 වෙනිදා ජෝන් සෝබස් මැතිතුමත්, මහාචාර්ය ජෝසප් ස්ටික්ලිට් මැතිතුමා ඇතුළු ආර්ථික හා සමාජ සේවා අංශයේ විශේෂඥයින් ගණනාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (15) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික ඵලදායිතා සම්මාන උත්සවයේදී සභාව අමතමිනි.

    රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමක් කිසිසේත්ම සිදු නොවන බව මම මේ ගරු සභවට ප්‍රකාශ කරන්න කැමතියි.අප මේ වෙහෙසෙන්නේ රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප සුරක්ෂිතව ලබාදීමට මිස එය අහෝසි කිරීමට නොවෙයි යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    ලාංකේය දේශපාලනයේ කාන්තාවන් සඳහා වැඩි ඉඩ කඩක් ලබා දීමේ මුල්ම පියවර ගැනීමට දැන් මුල පුරා ඇති බවත් ඊට අදාළ තීරණය පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී සම්මත කරගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) දින පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කළේය.

     

    අග්‍රාමාත්‍යතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

    මේ ආණ්ඩුව කිසි විටෙක සීපා ගිවිසුමක් අත්සන් කරන්නේ නැති බවත් වෙන නමකින් හෝ එසේ කරන්නේ නැති බවත් සීපා ගිවිසුම සඳහා රාජපක්‍ෂ ආණ්ඩුව එක් කර තිබූ වගන්තිවලට ආණ්ඩුව කිසිසේත්ම එකඟ නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

     

    අද (09) පාර්ලිමේන්තුව අමතමින් කරනු ලැබූ විශේෂ ප්‍රකාශයේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

     

    එම සම්පූර්ණ විශේෂ ප්‍රකාශය මෙසේ ය.

    බලය බෙදීමේ පූර්ණ සංකල්පය මත ජාතීන් අතර මිත්‍රත්වය සහයෝගීතාවය ගොඩනගමින්, ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කරමින් ඉදිරියේ දී මේ රටේ යුද්ධයක් ඇති වීම වළක්වමින් මේ රට සමෘද්ධිමත් ආර්ථිකයක් සමඟ නිදහස් රටක් ගොඩනගන්න මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අද සිටින ජනතාව වගේම හෙට උපදින දරුවා වෙනුවෙන් ඒ වගකීම හා යුතුකම අවංකව ඉටුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    2016 අයවැය දෙවන වර කියවීමේ අවසන් දිනයේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් සිදු කළ පිළිතුරු කතාව පහත සඳහන් වේ.

    ඓතිහාසික වගකීම සැළකිල්ලට ගනිමින් සංවර්ධිත රටවල් විසින් සිදු කරනු ලබන ගෝලීය හරිතාගාර වායු ‍මෝචනය විශාල වශයෙන් අඩු කිරීම අවශ්‍යය බව ඊයේ (නොවැම්බර් 30) පැරිස් නුවරදී පැවැති 2015 දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේ ය.

    රටේ අලූත් දේශපාලන සම්ප්‍රදායක් නිර්මාණය කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් අපට ලැබී තියෙනවා.මේ අයවැය මගින් අප ආර්ථික ක්ෂේත්‍රය පුරා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනවා. රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    2016 අයවැය කතාව

    නොවැම්බර් 20, 2015

    මුදල අමාත්‍ය රවි කාරුණානායක මහතා අද (20) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2016 අයවැය කතාව පහත සඳහන් පරිදි වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya