මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා කෞශල්‍යයන් ඔප් නංවා ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මහවැලි කී‍්‍රඩා උලෙළ 30 වන වරටත් අද (15) ඇඹිලිපිටිය මහවැලි කී‍්‍රඩාංගණයේ දි ඇරඹෙයි.
ශ්‍රී ලංකාවේ දැනට හෙක්ටයාරයකින් ලබා ගන්නා අස්වනු ප්‍රමාණය මෙ.ටො. 4 ක් පමණ වේ. නමුත් හෙක්ටයාර 01 කින් ලබාගන්නා අර්තාපල් අස්වනු ප්‍රමාණය මෙ.ටො. 13 දක්වා ඉහළ නැංවිය හැකි නව තාක්ෂණය සහ අර්තාපල් ප්‍රභේද හඳුන්වා දීමට ප්‍රමුඛ ඉන්දීය සමාගමක් වන BVG India සමාගම එකඟතාවය පළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
සමෘද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන්, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් මස 15 වන සෙනසුරාදා අද පෙ.ව.10.00 ට මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.