රාජකීය විද්‍යාලයේ 60 කණ්ඩායම විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බටහිර ගොඩනැගිල්ලේ උඩුමහලේ පන්ති කාමර නැවත විද්‍යාලයට භාරදීමේ උත්සවය ඊයේ (23) දින කොළඹ, රාජකීය විද්‍යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජාතික බාලදක්‍ෂ සේවා හා මහජන සම්බන්ධතා සතියේ සමාරම්භක වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
පගේ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා නවෝත්පාදන අවශ්‍ය වන බවත්, ඒ සඳහා අපේ වාණිජ හා කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ප්‍රතිපත්තියක් සැලසුම් කර තිබෙන බවත්, එය වඩාත් සාර්ථක කර ගැනීමට නම්, කර්මාන්ත ක්‍ෂේත්‍රයේ නවෝත්පාදන දිරිගැන්වීම සඳහා එම දැනුම පාසැල් සිසුන්ගේ ද්වීතීක අධ්‍යාපන මට්ටමට ඇතුළත් කිරීමට පියවර ගත යුතු බවත්, සිසුන් නිර්මාණය කරන නවෝත්පාදනයන්ට ත්‍යාග හා සම්මාන ලබා දෙමින් දිරිගැන්වීමට පියවර ගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටුයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශය, ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා නෙස්ලේ ලංකා සමාගම එක්ව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය අද , හෙට සහ අනිද්දා (ජූනි මස 24, 25 සහ 26) දිනවල බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.