ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 14 වන අපනයනකරුවන්ගේ සංසදය, ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය, සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ඊයේ (22) දින ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
බලපත්‍ර නොමැතිව නීති විරෝධී ආකාරයට වැල්ලවාය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සියක් වටලා එම ආයතනය පවත්වාගෙන ගිය හිමිකරු සමග විදේශ ගමන් බලපත්‍ර හයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකය විසින් අත්අඩගුවට ගෙන ඇත.
මෙසේ අත්අංගුවට ගෙන ඇත්තේ එම ආයතනය පවත්වාගෙන ගිය විසි අට හැවිරිදි තරුණියකි.
නීති විරෝධි ආකාරයට පත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සිය වටලන අවස්ථාවේදී එම ආයතනයේ තිබූ විදේශ ගමන් බලපත්‍ර හයක් සහ විදේශ ගතකිරීම සදහා අවශ්‍ය ලේඛනද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාව වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ දෙකක ඇප මත මුදාහැර තිබේ. මේ පිළිබද ඉදිරි නඩු විභාගය අගෝස්තු මස අට වැනිදා යළි කැදවේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය නොමැතිව විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යාම නීති විරෝධී වන අතර නීති විරෝධී ආකාරයට පුද්ගලයින් විදේශ රැකියා සදහා යැවීමට උත්සාහ කරන ජාවාරම්කරුවන් ගැන තොරතුරු ඇතොත් වහාම ඒ පිළිබද දැනුම් දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.
වසර 2020 වන විට රාජ්‍ය සේවකයින්ට තවත් වරප්‍රසාද ලබාදීමට රජය සුදානම් බවත් අක්ශි ශල්‍ය වෛද්‍යවරුන් පස්වරු 4.00 පසු සේවය කිරිම කැමැති නම් රෝහල්වල අක්ෂි ශල්‍ය සැත්කම් පොරොත්තු ලේඛණය අවම කිරීමට හැකි බව සුව ඇමැති පවසයි.
ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සදහා විදේශගත ශ්‍රී ලාංකිකයින් විශාල උනන්දුවක් දක්වන බව ආගමන හා විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පවසයි.