අපවත් වී වදාල කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි නමින් ගොඩනගන ලද අනුරාධපුර, මහවිලච්චිය, දුනුමඩලාව, “මාදුළුවාවේ ශ්‍රි සෝභිතගම” ගම්මානයේ ජනතාව වෙනුවෙන් කථානායක කරූ ජයසූරිය මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දියානු රජයෙන් ලැබුනු රු.මිලියන 300 ක ප්‍රදානයෙන් ඉදිවන නව නිවාස 153 ක වැඩ අරඹමින් මුල්ගල තැබීමේ උත්සවය හෙට (27) පැවැත්වීමට නියමිතය.
පවතින අධික වර්ෂාපතනය නිසා සිකුරාදා (25) දින පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කරන ලද අතර ඒ හේතුවෙන් ඇතිවු ගංවතුර තත්වයෙන් ආපදාවට පත් වු පවුල් 36 කට අයත් සිවිල් වැසියන් 123 දෙනෙකු ඉන් මුදා ගැනීමට බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 143 වන බලසේනාවේ 16 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් සමත් විය.
අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහාමියන් විසින් ආරම්භ කරන ලද අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලාච්චිය ප්‍රදේශයේ ඇලපත්ගම නිවාස ලාභීන් වෙනුවෙන් සින්නක්කර ඔප්පු ලබාදීමට ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ උපදෙස් මත ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් පියවර ගෙන තිබේ.