අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් එම කාර්යාලයේ වර්තමාන ක්‍රියාකාරීත්වය හා ඉදිරි වැඩ කටයුතු පිළිබඳ පැහැදිලි කර අවශ්‍ය මඟ පෙන්වීම් ලබා ගැනීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් අද (7) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හමු වූහ.
මහනුවර ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය යථාතත්ත්වයට පත් කිරීමට රජයේ සම්පූර්ණ අවධානය යොමු වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත අද (7) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය යන කෙටුම්පත් අද (7) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.