ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පසුගිය 2017 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික්කය සඳහා රු. මි. 17.4 ක ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. මේ යටතේ ක්‍රීඩා පිටි සංවර්ධන සඳහා රු. මි. 5.4 ක මුදලක් සහ පැති විකට්ටු ඉදි කිරීම සඳහා රු. මි. 9.0 ක මුදලක් ද වෙන් කර තිබිණ. ඇවිදින මංතීරුවක් ඉදි කිරීම සඳහා ද රු. 1,995,000.00 ක මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් වෙන් කර දී තිබේ.
සියළුම විදුලි කාර්මිකයින් සදහා ජාතික වෘත්තීමය සුදුසුකම හා පිළිගත් බලපත්‍රයක් පිරිනැමීමේ වැඩසටහනක් සකස් කර තිබේ.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය විසින් මුහුදු ඇල්ගී වගාව සහ ඒ ආශ්‍රිත අගය එකතු කල නිෂ්පාදන පිළිබඳව පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය වගාව හා ජලජ පැළෑටි වගාව සඳහා අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් පවතී. මේ වනවිට ඉහළ වානිජ වටිනාකමක් සහිත විසිතුරු මසුන් හා ජලජ පැළෑටි වගාව සඳහා විශේෂ පුහුණු වැඩ පිළිවෙළක් නාරා ආයතනය විසින් ආරම්භ කර තිබේ.