මහනුවර තෙල්දෙණිය ගැටුම පිටුපස සංවිධානත්මක පිරිසක් සිටිනවා - මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සත්කෝරල මහදිසාවේ උපදිසා සංඝනායක පූජ්‍ය මහා ගල්කඩුවල පුණ්‍යසාර හිමි
මහනුවර තෙල්දෙණීය ප්‍රදේශයේ උද්ගතව ඇති තත්වය අරගලයක් දක්වා ගෙන යා යුතු දෙයක් නොවන බවත් මෙවැනි සිද්ධි තුළින් රට සහ රජය ජාත්‍යන්තරය හමුවේ අපහසුතාවයට පත් කරන බවත් සත්කෝරල මහදිසාවේ උපදිසා සංඝනායක පූජ්‍ය මහා ගල්කඩුවල පුණ්‍යසාර හිමි පැවසූහ.
රට තුළ ගොඩනැගිය යුතු ජාතික සමගිය, සංහිදියාව,විශ්වාසය, මිත‍්‍රත්වය ජාතීන් අතර ගොඩනැගීම සඳහා රජය විදියට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියයි .
මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින් සීමිත වපසරියකින් යුතුව සතියක කාලසීමාවක් සඳහා දිවයින පුරා හදිසි අවස්ථාවක් ගරු ජනාධිපතිතුමා විසින් ප‍්‍රකාශයට පත්කර ඇත.
මහනුවර, දිගන හා තෙල්දෙණිය යන ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිද්ධීන් හේතුවෙන් හානි වූ ජීවිත හා දේපළ වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදීමට ද රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.