නියං තත්ත්වය පහව ගොස් රටට සෞභාග්‍යය මෙන්ම වැසි ප‍්‍රාර්ථනා කරමින් 2016 දෙසැම්බර් 24 වන දින දිඹුලාගල සොරිවිල දේවාලයේ දී ගරු ජනාධිපතිතුමා පෙරටු කර ගනිමින් මහවැලි ගොවීන් එක්ව සිදුකළ භාරවීමේ අනුහසින්, නිසි කලට වැසි ලැබී කෙත් වතු සරු සාර වී පුලතිසි පුරවරයට උදා වූ සශී‍්‍රකත්වය උදෙසා තුති පුදනු වස් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියේ පූර්ණ දායකත්වයෙන් භාරය ඔප්පු කිරීමේ මංගල්‍ය (09) පෙරවරුවේ දිඹුලාගල සොරිවිල දේවාල පරිශ‍්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.



















