ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම පිළිබඳව ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දීය ජාතික කොන්ග්රසයේ සභාපති රාහුල් ගාන්ධි මහතා අතර 19 වන දා නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.