ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය අලෙවිකරුවන්ට දඩ මුදල් වෙනුවට සිර දඬුවම්

    මාර්තු 11, 2015
    දිවයිනේ ග‍්‍රාමීය ප‍්‍රදේශ ඇතුලු විවිධ ප‍්‍රදේශවල සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගනිමින් පෙර වැරදි 3කට වඩා වැඩි පුද්ගලයින්ට එරෙහිව දඩ මුදල් වෙනුවට සිර දඬුවම් ලබාදීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
     
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් හා අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ.
     
    අධිකරණ අමාත්‍යාංශයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවේදී ඊයේ (10) මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.
     
    මත්ද්‍රව්‍ය නිවාරණ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවේ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ මැදිහත්වීම මත සමාජයට දැඩි බලපෑමක් සිදු වී ඇති කසිප්පු, ගංජා, රා වැනි මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට මෙලෙස දැඩි පියවර මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව ගෙන තිබේ.
     
    මේ සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබීමෙන් පසු අදාළ නීති සංශෝධනය කරමින් දඬුවම් ලබා දීමට පියවර ගැනීමට අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
     
    කසිප්පු උවදුර මැඩලීමට පොලිසිය වැටලීම් සිදුකර පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළත් පවතින නීතිමය ප‍්‍රතිපාදනය යටතේ දඩ මුදලක් පමණක් ගෙවා නිදහස් වන්නන් නැවතත් සුපුරුදු මත්පැන් අලෙවිය පවත්වාගෙන යන බව නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පෙන්වා දෙයි.
     
    අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන මහතාගේ උපදෙස් පරිදි අදාළ නෛතික ප‍්‍රතිපාදන සකස් කර ඉදිරියේ දී මෙම නීති විරෝධී මත්පැන් අලෙවිකරුවන්ට එරෙහිව නීතිය තදින් ක‍්‍රියාත්මක කිරීමට අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශය අවශ්‍ය සංශෝධන ගෙන ඒමට අපේක්ෂා කරයි.
     
    පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, අතිරේක සොලිසිටර් ජෙනරාල් කමල් ජයමාන්න, ජේ/ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පුෂ්පකුමාර ඇතුලු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
     
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya