ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

    මාර්තු 16, 2015
    ජනාධිපති බලතල අවම කිරීමට ප‍්‍රමුඛතාවය ලබා දෙමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඊයේ (15) සවස පැවැත්වූ කැබිනට් රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.
     
    මේ පිළිබඳ අදහස් දක්වමින් කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන නායකයන් විශාල පිරිසක් මේ සඳහා පැමිණ මේ කෙටුම්පතේ සඳහන් කරුණු අටක් පිළිබඳ එකඟතාවකට පැමිණි බවත් පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට ඇති බලතල ඉවත් කිරීම, අධිකරණය ඉදිරියේ ජනාධිපතිවරයාගේ මුක්තිය ඉවත් කිරීමත් යන කරුණු කෙරේ අවධානය යොමු කළ බවයි.
     
    එමෙන් ම අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීමේ ජනාධිපතිවරයා සතු බලය ද යම් සීමාවන්ට අනුව කෙරෙන අතර ජනාධිපති ධුර කාලය අවුරුදු හයේ සිට පහ දක්වා අඩු කරන්න තීරණය කර ඇත. කැබිනට් මණ්ඩලය තිස් දෙනෙකුට අඩු කිරීමටත්, කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව හතලිහකට සීමා කිරීමටත්, වරදකරුවන්ට සමාව දීමේ බලය යම් නිර්නායකයන්ට යටත්ව පමණක් සිදු කිරීමට ජනාධිපතිවරයාට මෙමගින් බලය පවරා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya