ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ක්ෂය රෝග මර්දන දින ජාතික වැඩසටහන මහනුවර දී Featured

    මාර්තු 16, 2015

    මාර්තු 24 වැනි දිනට යෙදී තිබෙන ක්ෂය රෝග මර්දන දිනය නිමිත්තෙන් මෙවර පවත්වනු ලබන ජාතික වැඩසටහන මහනුවර දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

     

    ක්ෂය රෝගය මර්දනය කිරීමේ ඇති වැදගත්කම පෙන්වා දෙමින් මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පා ගමනක් පැවැත්වීමටද මෙහිදී කටයුතු යොදා ඇති අතර,ඒ ස සඳහා සිවිල් සංවිධාන කිහිපයක් ද එක් වීමට නියමිතය.  ඒ අනුව එදින පෙරවරු 8.00 ට බෝගම්බර ක්‍රීඩා පිටිය අසළින් ආරම්භ කරන මෙම පාගමන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මාවත ඔස්සේ පැමිණ යටිනුනවර වීදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් කොට මහ නගර සභා රථ ගාල අසළින් අවසන් කිරීමට නියමිතය.

     

    මෙහිදී ක්ෂය රෝගය මර්දනය කිරීමේ වැදගත්කම සහ වර්තමාන ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය පාලනය කොට ඇති ආකාරය පිළිබඳ විශේෂ දේශන කිහිපයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

    SDF/TKA_dmu_Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya