ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යාපනයේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව විදේශීය තානාපතීන් දැනුවත් කරයි

    මාර්තු 17, 2015
    උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වන ජර්මන් විදේශ අමාත්‍යංශයේ ආසියා ශාන්තිකර කටයුතු භාර කලාපීය අධ්‍යක‍්ෂ පීටර් පෘගල් මහතා (Peter Prugael)හා ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ඇන්ඩෘ සී මෑන් (Andrew C. Mann)යන මහත්වරුන් පසුගිය දා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් නන්දන උඩවත්ත මහතා මුණ ගැසුණි.
     
    පලාලි හි යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී සිදු වූ මෙම හමුවේ දී යාපනයේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳ ව මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතා විසින් ඔවුන් දැනුවත් කරන ලද අතර මෙහිදී තවදුරටත් අනෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු පිළිබඳ ව ද ආරක්ෂක ආඥාපතිවරයා සහ තානාපති නිලධාරින් අතර සාකච්ඡා විය. 
     
    මෙම අවස්ථාව සඳහා තානාපති කාර්යාල නිලධාරීන් ද සහභාගි වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya