ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2015 දකුණු ආසියානු ආයෝජන සමුළුව කොළඹ දී

    මාර්තු 17, 2015

    2015 දකුණු ආසියානු ආයෝජන සමුළුව අප්‍රේල් 26 සිට 28 දක්වා කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්වීමට කොළඹ කොටස් වෙළඳ පොළ (CSE), දකුණු ආසියානු කොටස් හුවමාරු එකමුතුව (SAFE) හා එක්ව සැලසුම් කර ඇත.

     

    කලාපයේ ප්‍රාග්ධන වෙළඳපොළ නිර්මාණය කරගැනීමටත් ආයෝජන දේශසීමා ලැයිස්තුගත කිරීම සඳහා හිතකර පරිසරයක් ගොඩ නඟා ගැනීමටත් ඒ තුළින් දකුණු ආසියාවේ ආර්ථික ඒකාබද්ධ ක්‍රියාවලිය කඩිනම් කිරීමත් මෙම සමුළුවේ අරමුණු අතර වේ.

     

    දේශසීමා හරහා ලැයිස්තුගත කිරීම් , නියාමන අනුකූලත්වය තත්වයන් මගින්  වාසි අත් කරගැනීම හා ආර්ථිකය වර්ධනය කටයුතු සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ කොටස් හුවමාරු භූමිකාව පිළිබඳ සාකච්ඡා කිරීමට ආයෝජන ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයතන, ආයෝජන විශේෂඥයන් සහ නියාමන හා වෙළෙඳපොළ ප්‍රධානීන් සඳහා විශේෂ අවස්ථාවක් ලෙස දකුණු ආසියානු වෙළෙඳපොළ තුළ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත්, ලෝක බැංකු දත්ත වලට අනුව 2000 හා 2012 අතර 6.7% ක් සාමාන්‍ය වර්ධනයක් වාර්තා වූ කලාපයේ පවත්වන දකුණු ආසියානු ආයෝජන සමුළුව හැදින්විය හැක.

     

    ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ හා විශේෂයෙන් යහපාලනය, විනිවිදභාවය හා කලාපීය සහයෝගීතාව පිළිබඳ එකී ප්‍රදේශවල ආයෝජක විශ්වාසනීයභාවය ඇති කිරීමේ අභියෝග පිළිබඳව අවධානය යොමු කිරීමට මෙම සමුළුව තෝතැන්නක් වනු ඇත.

     

    සාක් කලාපයේ මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ වෘත්තිකයන් සහ එකී ආයතනවල නියෝජිත කණ්ඩායම් විශාල කණ්ඩායම් රැසක් සමඟ කලාපයට පිටත ආයෝජකයින් රැසක් ද මෙම සම්මේලනයට එක්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya