ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රම වාසනා අරමුදලෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

    මාර්තු 21, 2015
    වෘත්තීය අනතුරු හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට හෝ මරණයට පත්වූ සේවක සේවිකාවන්ගේ පවුල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ උත්සවයක් කම්කරු සබඳතා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන ඊයේ (20) කම්කරු මහලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 
     
    ශ්‍රම වාසනා අරමුදල විසින් රුපියල් 50000/= ක ස්ථිර තැන්පතුවක්, රුපියල් 10000/= ක් වටිනා පාසල් උපකරණ කට්ටලයක් සහ පාසල් 
    පාවහන් සඳහා රුපියල් 2000/= ක් වටිනා තෑගි වවුචරයක් බැගින් ශිෂ්‍යත්වලාභී දරුදැරියන් 65 දෙනෙකුට ප්‍රදානය කෙරිණි. මේ සඳහා එම 
    අරමුදල විසින් වැයකෙරුණු මුදල රුපියල් 4,030,000 කි.
     
    මෙම අවස්ථාවට අධිකරණ සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් කමලිනී ද සිල්වා,කම්කරු කොමසාරිස් ජනරාල් හේරත් යාපා, ජාතික 
    ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි නාලක කළුවැව සහ ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරි ඩී.ආර්. ජයලත් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.  
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya