ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දු - ශ්‍රී ලංකා ධිවර සාකච්ඡා ලබන 24 – 25 දෙදින ඉන්දියාවේ දී

    මාර්තු 21, 2015
    වසරකට ආසන්න කාලයක් ඇණ හිට තිබූ ඉන්දු - ශ්‍රී  ලංකා ධීවර සාකච්ඡා ලබන මාර්තු 24 වැනිදා සහ 25 වැනිදා ඉන්දියාවේ චෙන්නායි හිදී 
    පැවැත්වෙයි.
     
    ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා සහ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ.සිංහා මහතා අතර පසුගියදා පැවති 
    සාකච්ඡාවකදී  මෙම ධිවර ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු විය. 
     
    නැවත සාකච්ඡා ආරම්භ කර ඒ තුළින් ගැටලු විසඳා ගැනීමට ඔවුන් දෙදෙනාගේම අවධානය යොමු වූ අතර, සාකච්ඡා යළි මෙලෙස ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී  ලංකා සංචාරයට පෙර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණ ද ඉන්දියාවේ ධිවර නියෝජිතයින්ගෙන් නිශ්චිත දිනයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් එම උත්සාහය ව්‍යාර්ථ විය. එහෙත් සාකච්ඡා කඩිනම් කරන්නැයි අමාත්‍යවරයා දුන් උපදෙස් අනුව මෙම සාකච්ඡා වටය මාර්තු 24 සහ 25 දෙදින දී පැවැත්වෙනු ඇත.
     
    මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර සමිති නියෝජිතයෝ 10 දෙනෙක් සහභාගී වෙති. මීට අමතරව සාකච්ඡා නිරීක්ෂකයින් ලෙස ධීවර අමාත්‍යාංශය සහ ධිවර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු 06 දෙනෙකු ද සහභාගී වීමට නියමිතය. අවසන් වරට දෙරටේ 
     
    නියෝජිතයින් හමු වී සාකච්ඡා කර තිබෙන්නේ පසුගිය වසරේ මැයි මාසයේ දීය. 
     
    මෙම සාකච්ඡා සඳහා සහභාගී වන ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස ලබන 23 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya