ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    රතු කුරුස සංවිධානයේ සාමාජිකයන් මෙරට ක්‍රියාත්මක මානුෂ්‍යවාදී ක්‍රියාකාරකම් පිළිබඳ ව දැනුවත් කරයි

    මාර්තු 30, 2015
    ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ  සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්, එම සංවිධානය විසින් 2015 සඳහා ශ්‍රී ලංකාවේ  ක්‍රියාත්මක කරන ලද මානුෂ්‍යවාදී  ක්‍රියාකාරකම් පිළිබඳ ව හා ආරම්භ කිරීමට නියමිත එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව සමාලෝචනයක් පසුගියදා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා හමුවූ අවස්ථාවේ දී ඉදිරිපත් කරන ලදී.  
     
    එහිදී යුද හමුදාපතිතුමා හමු වීම සඳහා පැමිණි දූත පිරිසේ ප්‍රධානි ෂෙරීන් පොලීනි මහත්මිය, කලාපීය ආරක්ෂක සේනා නියෝජිත ලොයිඩ් ගිලෙටි මහතා සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ  සම්බන්ධීකරණ නිලධාරී චන්න ජයවර්ධන මහතා ද විය.
     
    එම හමුවේ දී දෙපිරිස අතර ශ්‍රී ලංකාවේ  ක්‍රියාත්මක කරන ලද මානුෂ්‍යවාදී  ක්‍රියාකාරකම් පිළිබඳ ව හා ආරම්භ කිරීමට නියමිත එවැනි ක්‍රියාකාරකම් පිළිබඳ ව ද  පුළුල් සාකච්ඡාවක් පැවැත්වීය.
     
    නිලධාරී පුහුණු පාඨමාලා විෂය නිර්දේශයට ජාත්‍යන්තර මානුෂ්‍යවාදි නීතිය හා මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිබඳ ව කරුණු ඇතුළත් කර ඇති බව ප්‍රකාශ කළ යුද හමුදාපතිතුමා, ජාත්‍යන්තර රතු කුරුස ප්‍රඥප්තිය පිළිබඳ කරුණු දැන ගැනීමට වැඩි අවස්ථාවක් යුද හමුදාව වෙත ද ලබාදෙන ලෙස ද ඒම නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළහ.
     
    මෙම අවස්ථාව සිහිගන්වමින් සමරු තිළිණ හුවමාරුවක් සිදු වූ අතර එම හමුව සඳහා අධ්‍යක්ෂ පුහුණු බ්‍රිගේඩියර් අරුණ ජයසේකර මහතා ද සහභාගි විය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya