ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වීර පොදු ජන පදනමේ වෙබ් අඩවිය අන්තර්ජාලයට

    මාර්තු 29, 2015
    තමන්ගේ ජිවිත අවදානම නොතකා තව කෙනෙකුගේ හෝ කීප දෙනෙකුගේ ජිවිත ගලවාගැනීම වෙනුවෙන් ක්‍රියාකරන අයවළුන් උපහාරයට ලක් කරන "වීර පොදු ජන පදනමේ" වෙබ් අඩවිය (www.civilianbrabery.org) අන්තර්ජාලයට විවෘත කිරීමේ උත්සවය පසුගිය දින නාවික හමුදාවට අයත් "ලයිට් හවුස් ගැලී" උත්සව ශාලාවේදී සිදුවිය. ඒ ආරක්ෂක ලේකම් බී.එම්.යු.ඩී. බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
     
    1993 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම "වීර පොදු ජන පදනම" 2009 වසරේ අංක 4 දරණ පනතින් සංස්ථාපිත ලාභ නොලබන (non profitable) ආයතනයකි. සෑම වසරක ම තම ජිවිත අවදානම නොතකමින් ජිවිත බේරා ගන්නා පුරවැසියන් අගයමින් "විරුජන සම්මාන" සහ "විරුජන ශිෂ්‍ය සම්මාන" නමින් සම්මාන උළෙලක් සංවිධානය කරන අතර අංශ 8ක් යටතේ සම්මාන සහ සහතික පත් පිරිනැමීම සිදුකරනු ලබයි.
     
    ක්‍රියාකාරී විධායක සභාවක් (Extended Executive council ) සහ උපදේශන සභා දෙකක් (services working advisory council & Ministerial Working Advisory council )  යටතේ මෙම සංවිධානය ක්‍රියාත්මක වේ. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් 
    දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව් දෙනෙක් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු තිදෙනෙක් ක්‍රියාකරයි.
     
    මෙම වෙබ් අඩවිය (www.civilianbrabery.org) අන්තර්ජාලයට විවෘත කිරීමේ උත්සව අවස්ථාව වෙනුවෙන්  යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා, ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් එයාර් වයිස් මාෂල් චන්දන වැලිකල යන මහත්වරු, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින් සංගමයේ සාමාජිකයන් සහ මාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya