ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සීගිරිය කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට ජනපති සමාව ලැබෙයි

    අප්‍රේල් 02, 2015

    අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශය මත සීගිරිය කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට ජනපති සමාව ලබා දී ඇත.

    මඩකලපුව ප්‍රදේශයේ පදිංචි කාරිනියකවු වයස 23 හැවිරිදි සින්නතම්බි උදේනි නැමැති තරුණිය සීගිරිය නැරඹීමට පැමිණ සීගිරි කැටපත් පවුරේ “උදයන් තැන්ක්ස්“ යන ඉංග්‍රීසී වචන දෙක සටහන් කිරීමේ වරදට වසර දෙකක සිර දඬුවමක් නියම වීමෙන් පසු ඇගේ පවුලේ ඥාතීන් විසින් සානුකම්පිත හේතුන් මත ඇයට ජනාධිපති සමාව ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජනාධිපති සමාව ලබා දී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

     

    මිල කළ නොහැකි ජාතික උරුමයන් මෙන්ම රටේ ඓතිහාසික සංස්කෘති වටිනාකම් ආරක්ෂා කිරීම සෑම පුරවැසිකුගේම වගකීම බැවින් නොදැනුවත්කම මත හෝ අනවබෝධයකින් සිදු කරන මෙවැනි ක්‍රියාවන්වලින් වැළකී රටේ ජාතික සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂා කර ගැනීමට ඉදිරියේදී සෑම පුරවැසියකුම ඉතා වගකීමෙන් කටයුතු කරනු ඇතැයි අධිකරණ අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya