ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රටට කීර්තියක් එක් කළ ප්‍රවීණයින්ට සාමවිනිසුරු පදවිය

    අප්‍රේල් 02, 2015

    රටට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් ප්‍රවීණ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට ප්‍රවීණ කලාකරුවන්ට හා ප්‍රවීණ මාධ්‍යවේදීන්ට මුළු දිවයිනම බලපාන සාම විනිසුරු පදවි පිරිනැමීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විශේෂ වැඩසටහනක් සකස් කරන බව අධිකරණ අමාත‍්‍යාංශය පවසයි.

    ඉදිරි දෙසතිය තුළ එම වැඩ සටහන ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

     

    මෙම වැඩ සටහන යටතේ ජාතික ක්‍රීඩාව පෝෂණය කිරීම සඳහා දායකත්වය ලබා දෙන ජාතික ක්‍රීඩා සංගම්වල නිර්දේශය මත ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් එක් ජාතික ක්‍රීඩා ඉසව්වකින් ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 05 දෙනෙකු ඇතුළත් වන පරිදි ක්‍රීඩා සංගම් 52ට සාම විනිසුරු පදවි 260ක්ද ජාතික චිත්‍රපට සංස්ථාවේ නිර්දේශය මත ප්‍රවීණ කලාකරුවන් 100 දෙනෙකුට හා ප්‍රධාන ජනමාධ්‍ය සංගම්වල නිර්දේශ මත ප්‍රවීන ජනමාධ්‍ය‍වේදීන් 100 දෙනෙකුට සාම විනිසුරු පදවි බලාදීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරනු ලැබේ.

     

    මේ වැඩ පිළිවෙළ යටතේ ජාත්‍යන්තර ක්‍රීඩා තරග නියෝජනය කරමින් රටට කීර්තියක් ගෙන දුන් ප්‍රවීණ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට මෙන්ම ලාංකීය ජනතාවගේ ජනාදරයට පත් වු ප්‍රවීන කලාකරුවන් සමාජ ආරක්ෂයන් ලෙස කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ඇතුළු රටේ සම්භාවනාවට පාත්‍ර වූ විශිෂ්ට පුරවැසියන්ට ලබා දෙන ගෞරවයක් වශයෙන් මෙම පදවිය පිරිනැමේ.

     

    ඔවුන්ගේ සමාජ සේවා කටයුතු තවදුරටත් සමාජයට වැඩදායී ලෙස ඉටු කිරීම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස සාම විනිසුරු පදවි පිරිනැමීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇත.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya