ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    පොදු සමා කාලය අද දින සිට දෙසතියක්

    අප්‍රේල් 02, 2015
    නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටින කාලසීමාව මාස 06 ඉක්මවන පිරිස නීත්‍යානුකූලව යුද හමුදා සේවයට කැඳවීමකින් තොරව පරිපාලනමය වශයෙන් නීත්‍යානුකූලව යුද හමුදාවෙන් අස්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක පොදු සමා කාලය අද (02) සිට ආරම්භ වේ. මෙය අද දින සිට ලබන 16 දින දක්වා දෙසතියක කාලයක් ක්‍රියාත්මක වේ. 
     
    ඒ අනුව අද දිනට නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටින කාලසීමාව මාස 06 ඉක්මවන නිලධාරීන් සහ සෙසු නිලයන් මේ යටතේ යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.
     
    අස්කිරීම් කටයුතු වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත රපොර්තු කරන අයවළුන්, ඔවුන් වෙත යුද හමුදාව වෙතින් නිකුත් කර තිබූ යුද හමුදා හැඳුනුම්පත (ලබාගෙන ඇත්නම්) ජාතික හැඳුනුම්පත සහ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් තුවාල ලබා වෛද්‍ය වර්ගීකිරීම්වලට ලක්ව ඇත්නම් ඊට අදාළ ලිපි ලේඛන පැමිණෙනවිට රැගෙන එමෙන් එම කටයුතු වඩාත් කඩිනමින් සිදුකර ගැනීමට හැකිවනු ඇත.
     
    NDH/defence.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya