අද (05), දහවල් 12.13ට කොග්ගල, නාකුළුගමුව සහ දෙනිපිටිය යන නගරවලට හිරු මුදුන්ව පවතී. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින පුරා තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේ දී ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් අවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

















