ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කතෝලික බැතිමතුන් සමරන පාස්කු මංගල්‍ය දිනය අද

    අප්‍රේල් 05, 2015

    ලෝකයේ කෝටි 220 පමණ වූ කතෝලික බැතිමතුන් සමරන පාස්කු මංගල්‍යය සති අටක්‌ පමණ පුරා පැවති චතාරික සමය නිමා කරමින් අදින් (05) අවසන් වේ.

     

    අද දිනය (05)  පාස්කු ඉරිදා ලෙස හඳුන්වන අතර කතෝලික බැතිමතුන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීම අද දිනයේ සමරනු ලබති. පාස්‌කු ඉරිදා කතෝලිකයන්ගේ ඉතා විශේෂ මංගල්‍යය දිනයක්‌ වේ.

     

    පසුගිය සිකුරාදා (03) මහ සිකුරාදා වූ අතර ඊයේ (04) ආලේලුයියා සෙනසුරාදා ලෙස කිතුණු භක්තිකයෝ සිය ආගමික වතාවත්වල නිරත වූහ. මහ සිකුරාදා දින බොහෝ දේවස්‌ථානවල ජේසුස්‌ වහන්සේගේ උකුත්වීම සිහිපත් කරමින් පාදනමස්‌කාර හා තුන් පැය දේව මෙහෙයයන් පැවැත්විණි. අද ජේසුස්‌ වහන්සේ මරණයෙන් උත්ථානවීම සිහිපත් කරන කතෝලික සභාව මෙය විජයග්‍රහනයේ දිනයක් ලෙස හඳුන්වනු ලබන්නේ කතෝලික සභාවේ ව්‍යාප්තිය හා විශ්වාසය මේ මත පදනම් වන බැවිනි.

     

    සියලු කතෝලික ජනතාවටසුබ පාස්කු මංගල්‍ය දිනයක් වේවා!

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya