ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දූෂණ නිරීක්ෂණ වාර්තාව එළි දකී Featured

    අප්‍රේල් 05, 2015

    ඩොලර් බිලියන ගණනාවක් දක්වා දිවෙන අති දූෂිත ගනුදෙනු, නීති විරෝධී සේවා කොන්ත්‍රාත්තු, නුසුදුස්සන්ට ලබා දුන් තනතුරු සහ අන්තරාදායක ආරක්ෂක කඩතොළු පිළිබඳ විස්මිත තොරතුරු ගණනාවක්, ශ්‍රී ලංකන් ගුවන් සේවාව පිළිබඳව සොයා බැලීමට පත් කළ දූෂණ විමර්ශණ මණ්ඩලය මගින් අනාවරණය කොට ඇත.

    දූෂණ විරෝධී කටයුතු පිළිබඳව පුරෝගාමියකුවූ නීතිඥ ජේ. සි. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ කටයුතු නිරික්ෂණය කළ විද්වත් විමර්ෂණ මණ්ඩලය තම වාර්තාව පසුගියදා අග්‍රාමත්‍ය රනිල් වික්රවමසිංහ මහතා වෙත බාර දෙන ලදී.

     

    එහි හිටපු සභාපති ජනාධිපති රාජපක්ෂ ගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ, තරුණ ගුවන් සේවිකාවන් කෙරෙහි දැක්වූ ලොල් බව නිසා, ණය බරින් පිරුණු ගුවන් සේවය තව තවත් ආගාධයට ගිය අයුරු එම වාර්තාවේ සවිස්තරාත්මකව සඳහන් ය.

    වඩාත් ලාභදායි සහ කාර්යක්ෂම ගුවන් යානා තිබියදී, ඩොලර් බිලියන 2.3ක්වූ නවතම ගුවන් යානයක් ලබාගැනීමට මග පැදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පරිපාලන අංශයේ වෙනස්කම් පවා සිදු කර ඇති අයුරු අනාවරණය කරගැනීමට වැළිඅමුණ විමර්ශන කමිටුවට හැකිවිය.

     

    ගුවන් සේවාවට ගුවන් යානා ලබාගැනීමට ගෙනගිය වැඩපිළිවෙළ අතිශය දූෂිත ක්‍රියාදාමයක් බව පැහැදිලි වන හෙයින් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට විරුද්ධව අපරාධ චෝදනා ඉදිරිපත් කොට දඬුවම් ලබාදිය යුතුයයි වැලිඅමුණ වාර්තාව නිර්දේශ කර ඇත.

     

    හිටපු සභාපති වික්‍රසිංහගේ සුව පහසුව සඳහා සුඛෝපභෝගි ජව සම්පන්න මෝටර් රථයක් ගෙන්වීමට ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ එක්ව අසත්‍ය තොරතුරු සපයා ඇතැයි ද අනාවරණය විය. මේ සුපිරි වාහනය ගෙන්වා ඇත්තේ ඔහුට ලබා දී තිබු මර්සිඩිස් බෙන්ස් රථයටත්, සුපිරි ප්‍රාඩෝ රථයටත් අමතරවය.

    එසේ වුවද ගුවන් සේවාවට නව යානා ලබා ගැනීමේදී සිදු කර ඇති මගෝඩිය සහ අතරමගදි අත්හැර දමන ලද ගුවන් ටැක්සි සේවය ආරම්භ කිරීම වෙනුවෙන් කර ඇති මුල්‍ය සම්පත් විනාශය හා සම කරන විට මෝටර් රථ ගනුදෙනුව සයුරකට වට දිය දෝතක් හා සමානය.


    සභාපති වරයාගේ අකාර්යක්ෂම හා අසාර්ථක වැඩපිළිවෙළ හේතුවෙන් එවකටත් පණ අදිමින් තිබුණු ගුවන් සේවයට ඩොලර් මිලියන ගණනාවක පාඩුවක් සිදු වී තිබේ.

     

    ශ්‍රී ලංකන් පාලක මණ්ඩලය අතුරු පල විපාක හොඳින් දැන දැනත් මිළදී ගැනීම්වලට උපදෙස් දීමට පත්කර තිබු පුද්ගලයන්ට සම්බන්ධ සමාගම් සමඟ ප්‍රෝඩාකාරී ගනුදෙනු කිරිමට පෙළඹිමෙන් සිදු කර ඇත්තේ විශාල ආර්ථික හානියකි.

    එවකට ජනාධිපති ලේකම්වරයාවූ ලලිත් වීරතුංගගේ ඉල්ලීමක් උඩ එක් ගුවන් සේවිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය සඳහා අනුයුක්ත කර නාමල් රාජපක්ෂ් මන්ත්‍රීවරයාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබේ.

     

    ඇය විසින් මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉටුකළ සේවාවන් පිළිබඳව කිසිදු වාර්තාවක් නැත. එසේ වී තිබියදී ගුවන් යානාවක සේවය කළා සේ සළකමින් ඇයට කර ඇති අමතර විශේෂ ගෙවීම රුපියල් ලක්ෂය 42කට අධිකය. වැඩිපුර ඇයට ගෙවා ඇති මුදල් සම්භාරය ආපසු අයකර ගැනීමටත් මහජන මුදල් අයථා ලෙස පරිහරණයට අනුබල දුන් නිලධාරින්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන ලෙසත් දූෂණ විමර්ශන මණ්ඩලය නිර්දේශ කර ඇත.

     

    කිහිප වතාවක්ම ඇතුලුවීමේ විභාගවලින් අසමත් වූ ඇතැමුන්ට පාලනාධිකාරියේ කට වචනය උඩ පත්වීම් ලබා දී ඇති අයුරුත් මේ මණ්ඩලය හමුවේ අනාවරණය වී තිබේ.
    සභාපති වික්‍රමසිංහ විසින් ඔහුගේ හිතවතියක් වූ ගුවන් සේවිකාවක් ශ්‍රී ලංකන් ගුවන් සේවා සන්නාම තානාපති ලෙස පත් කර ගෙන ඇති අතර, එවැනි තනතුරක් ගුවන් සේවා අනුමත කාර්ය මණ්ඩලයේ නොමැත. මෙම යුවල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාවලින් පමණක් නොව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදලින් ලබා ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර උපයෝගී කර ගනිමින්, වෙනත් සමාගවලට අයත් ගුවන් යානාවලින් ද ලොව පුරා සවාරි ගොස් තිබේ.


    ගුවන් සේවිකාවන් ගණනාවක් සමඟ සභාපතිවරයාගේ පවත්වාගෙන ගිය අයථා සබඳකම් නිසා, අනිසි ප්‍රයෝජන ගැනීම් හා දූෂිත කටයුතු අප්‍රමාණ ලෙස සිදුවී ඇති අතර, එමගින් ගුවන් සේවයේ හොඳ නම කැළැල් වී අධික මුල්‍යමය පාඩු ද සිදුව ඇති බව මණ්ඩලය හමුවේ අනාවරණය වී ඇත.


    සමාගමට අනර්ථකාරි ලෙස සමාගමේ සභාපතිවරයා හැසිරෙන විට දීත්, ඒ පිළිබඳව යම්කිසි විනය ක්‍රියාමාර්ගයක් ගත හැකි අන්දමේ කශේරුකාවක් ඇති අධ්‍යක්ෂළ මණ්ඩලයක් හෝ ඉහළ පෙළේ පාලන අධිකාරියක් සමාගම තුළ ක්‍රියාත්මක නොවීම නිසා සමාගමට බරපතල හානියක් සිදුව තිබේ.


    ප්‍රධාන විධායක නිලධාරි ධූරය දැරූ කපිල චන්ද්‍රසේන එම තනතුරට කිසිසේත්ම සුදුස්සෙකු නොවූ අතර, අනෙකුත් දීමනාවලට අමතරව ඔහු ලක්ෂ පහලොවක වැටුපක් ලබා තිබීම ගැන විමර්ශන මණ්ඩලය විමතියට පත්විය. එසේම තවත් තනතුරු ගණනාවක් දරමින්, ඒ සඳහා ද ඔහු රජයෙන් වැටුප් ලබා ගෙන තිබේ.

     

    මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද, මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද, නීති විරෝධී ලෙස අමතර වැටුප් ලබා ගෙන ඇති බව මණ්ඩලය හඳුනා ගෙන ඇත.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya