ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සිවිල් ආරක්ෂක බලකායේ සේවා වනිතා ඒකකයෙන් අලුත් අවුරුදු පොළක්

    අප්‍රේල් 08, 2015
    සිවිල් ආරක්ෂක බලකායේ සේවා වනිතා ඒකකය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලැබූ අලුත් අවුරුදු පොළ ඊයේ (07) චතුරිකා සිරිසේන මහත්මිය විසින් විවෘත කරන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන එස්. බස්නායක මහත්මිය ද සහභාගී වූවාය.
     
    ඊයේ (07) ආරම්භ වූ මෙම අවුරුදු පොළ අද (08) දිනයේ ද පවත්වනු ලබන අතර මෙම පොළෙන් මහජනතාවට සහනදායි මිලකට බඩු භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ඇත. පසුගිය කාලයේ පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදී භීෂණයෙන් අප මාතෘ භූමිය බේරා ගැනීම සඳහා සිවිල් ආරක්ෂක බලකාය සුවිශාල මෙහෙයක් ඉටුකරනු ලැබූ අතර යුද්ධය නිමාවීමෙන් අනතුරුව මේ වන විට රට පුරා සිදුකරනු ලබන විවිධ සංවර්ධන කටයුතුවලට හා ව්‍යාපෘතීන්ට ක්‍රියාකාරී ලෙස සිය දායකත්වය සපයමින් සිටී. දිවයින පුරා විහිදී ඇති විවිධ බලකාවලින් මෙම අලුත් අවුරුදු පොළෙහි වෙළෙඳ කුටි 
    පවත්වාගෙන යන අතර ජනතාවට මෙම උත්සව සමයේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ වි‍ශේෂ අඩු මිල ගණන්වලට ලබාගත හැක.
     
    මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, එහි සේවා වනිතා ඒකකයේ 
    සභාපතිනිය වන ලක්ෂ්මි පල්ලේගම, ත්‍රිවිධ හමුදා සේවා වනිතා ඒකකවල සභාපතිනියන්, පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනිය, සිවිල් ආරක්ෂක බලකායේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya