ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අස්ගිරි මහ නායක හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 12දා Featured

    අප්‍රේල් 08, 2015
    සියම් මහා නිකායේ අස්ගිරි මහ පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 12 දා ප.ව.2.00ට අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
     
    මෙම අවමංගල්‍ය පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අතුලු අවශ්‍ය සියලු ම අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පැවසූහ.
     
    අපවත් වන විට 86 වන වියෙහි පසු වූ උන් වහන්සේ අසනීප තත්ත්වයක් නිසා සිංගප්පූරුවේ එලිස‍බෙත් රෝහලින් ප්‍රතිකාර ලබමින් සිටියහ. උන් වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර හෙට (09) දහවල් මහනුවරට වැඩම කරවීමට කටයුතු සංවිධානය කර තිබේ.  අනතුරුව මහජන ගෞරවය සඳහා  ශ්‍රී දේහය අස්ගිරි මහා විහාරීය විශ්‍රාම ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත. 
     
    1930 මාර්තු 17 වන දින උපත ලැබූ උන් වහන්සේ පැවිදි දිවියට පත් වන්නේ පූජ්‍යපාද උඩුගම රතනපාල හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1944 දීය. 1951 දී උපසම්පදාවට පත් වන උන්වහන්සේ අස්ගිරි මහා විහාරය නියෝජනය කරමින් මුල් වරට 1969 දී තේවාව සම්බන්ධ කටයුතු සඳහා සම්බන්ධ වූහ. 1957 දී කර්මාචාර්ය පදවිය ලැබ 1966 දී අස්ගිරි මහ විහාරයේ කාරක සංඝ සභාවට ඇතුලත්වන උන් වහන්සේ 1998 අස්ගිරි මහ විහාරයේ 18 වැනි අනු නායක පදවියට පත්වූහ. උන් වහන්සේ  එම පාර්ශවයේ මහ නායක පදවියට පත්වන්නේ 1999 දීය. 
     
    ආදාහන පූජෝත්සවය පිළිබඳ රාජ්‍ය අංශයේ සියලු සම්බන්ධිකරණ කටයුතු මහනුවර දිසාපති එච්.එම්.පී. හිටිසේකර මහතාගේ සංවිධානයෙන් සිදු කෙරේ.
     
    DB/ TA DMU Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya