ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    භූතානයේ අග්‍රාමාත්‍යවරයා කැලණිය වැදපුදා ගනී Featured

    අප්‍රේල් 09, 2015

    භූතානයේ අග්‍රාමාත්‍ය ෂෙරිං ටොබ්ගේ මහතා අද (9) පස්වරුවේ කැලණිය රජමහා විහාරස්ථානයට ගොස් ආගමික වාතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තේය.

    ශ්‍රී කල්‍යාණි රජමහා විහාරාධිපති අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහා නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙහි ආගමික වතාවත් සිදු කළ අතර භූතාන් අගමැතිවරයා කැලණිය චෛත්‍ය වෙත ගොස් පුෂ්පෝපහාර දක්වමින් වෛත්‍ය වන්දනා කළේය.

     

    පසුව විහාරගෙය වෙත ගිය අගමැතිවරයා එහිදී ද පුෂ්පෝපහාර සිදු කර වන්දනා කරමින් බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත පිරිකර පුජා කිරිමේන් අනතුරුව බෝධීන් වහන්සේ වෙත ගොස් බෝධීන් වහන්සේට පැන් වත්කොට චිවර පූජා කර වන්දනා කළේය.

     

    කැලණිය විහාරාධිපතින් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේ පිරිත් සජ්ජායනා කර, පිරිත් නූල් බැඳ අගමැති ටොබ් මහතාට ආශිර්වාද කළහ.

     

    කැලණි විහාරය වැදපුදා ගත් භූතාන අග්‍රාමාත්‍යවරයා ගංගාරාම විහාරස්ථානය වෙත පිටත්ව ගියේය.

     

    මෙම අවස්ථාවට ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    kpm

    DSC 5441

     

     

     

    DSC 5505

     

    DSC 5559

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya