ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවට බේරුම්කරණ මධ්‍යස්ථානයක්

    අප්‍රේල් 28, 2015
    ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය (International Arbitration centre)අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබන 30 වැනිදා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී විවෘත වේ.
     
    ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හා ජාත්‍යන්තර සබඳතාවලදී ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් වෘත්තීමය නීති සේවා සැපයීමේ ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරෙන අතර මෙම ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය පිහිටුවීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳ ක්ෂේත්‍රයේ වැඩි වටිනාකමක් හිමිවන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
     
    ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේදී හා ජාත්‍යන්තර සබඳතා කටයුතුවලදී ලෝකයේ දැවැන්ත වෙළෙඳ සමාගම්වලට බේරුම්කරණ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියකින් නීතිඥ සේවා කටයුතු  ලබා දීමට අවස්ථාවක්ලැබේ
     
    1995 අංක 11 දරණ බේරුම්කරණ පනත යටතේ දේශය බේරුම්කරණ ආයතන දෙකක් මේවන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූවද ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත වන්නේ ප්‍රථමවරටය. මෙම ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමෙන් ආසියාවේ වෙළඳ කටයුතුවල දියුණුවට මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට, කොටස් වෙළෙඳපොළට, විශේෂ වාසිදායක අවස්ථාවක් හිමිවන අතර ජාත්‍යන්තර බේරුම්කරණය සඳහා ලෝකයේ දැවැන්ත සමාගම්වල ආයෝජකයින් මෙම ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය භාවිතා කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාවේ වෘත්තීය නීති කෂේත්‍රයේ වෘත්තිකයින්ට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමට ද හැකිවනු ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
     
    දැනට ආසියාවේ තිබෙන හොඳම ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් වන සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයට සමාන සේවාවක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙන මෙම ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය තුළින් පුළුල් සේවාවක් ලබා දීමට අපේක්ෂා කරන අතර මේ සඳහා අධිකරණ අමාත්‍යාංශය රුපියල් මිලියන 100ක් වැය කර තිබේ. 
     
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya