ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා දෙවන සහන කණ්ඩායමත් නේපාලයට Featured

    අප්‍රේල් 28, 2015
    යුද හමුදා වෛද්‍ය බලකාය, ඉංජිනේරු රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා සංඥා අයත් සෙබලුන්ගෙන් සමන්විතව ශ්‍රී ලංකාවෙන් නේපාලය බලා පිටත්ව ගිය පළමු සහන කණ්ඩායමට අමතර ව ඊයේ (27) ගුවන් සහ නාවික හමුදාවල 156 කින් සමන්විත කණ්ඩායමක් ද සහන සේවා සැලසීම සඳහා පිටත් ව ගොස් ඇත.
     
    ඒ අනුව යුද හමුදා නිලධාරින් 12 දෙනෙක් සෙසු නිලන් 119 දෙනෙක්, නාවික හමුදා සාමාජිකයන් 14 දෙනෙක්, ගුවන් භටයන් 11 දෙනෙක්, සිවිල් වෛද්‍යවරුන් 04දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස පිටත් ව ගොස් තිබේ.
     
    භූ කම්පනයක් හේතුවෙන් විපතට පත් නේපාල ජනතාව සඳහා සහන ලබා දීමට පළමු සහන කණ්ඩායම පසුගිය 26දා ගුවන් හමුදා යානයකින් නේපාලය බලා පිටත් විය. මෙම කණ්ඩායමට විශේෂඥ වෛද්‍යවරුන් 4 දෙනෙක් ඇතුළු 44 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායමක් ඇතුලත් වේ.
     
    එයට අමතරව එම යානයේ විපතට පත් පිරිස් සඳහා ලබා දීමට බෝතල් කල පානිය ජලය කිලෝග්‍රෑම් 660ක්, විදුලිජනක යන්ත්‍ර 2ක්, වෛද්‍ය උපකරණ සහ ඖෂධ කිලෝග්‍රෑම් 1842ක්, වියලි සලාක කිලෝග්‍රෑම් 240ක් ඇතුළු කිලෝග්‍රෑම් 3761 ක ප්‍රමාණයක්, හදිසි අවස්ථාවන් සඳහා අවශ්‍ය සනීපාරක්‍ෂක උපකරණ, සංඥා උපකරණ, කුඩාරම් ද මෙම සහන කණ්ඩායම සමග නේපාලය වෙත යවා ඇත.
     
    පළමු සහන සේවා කණ්‌ඩායම භාරව මේජර් ජෙනරාල් මෛත්‍රි ඩයස්‌ මහතා නේපාලය බලා පිටව ගොස්‌ තිබෙන අතර බ්‍රිගේඩියර් වරයෙක් සහන කණ්ඩායමේ දෙවන අණදෙන්නා ලෙස ක්‍රියා කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya