ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    19න් ජනපතිගේ මුක්තිය නැති වී පාර්ලිමේන්තුවට වගකියයි Featured

    අප්‍රේල් 29, 2015

    19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයා අධික බලතල අහෝසි වී තිබෙන අතර විධායක ජනාධිපතිවරයාට තිබුණු අධිකරණ මුක්තිය නැති වී තිබෙන අතර ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාගේ ක්‍රියා සම්බන්ධයෙන් කතා කළ හැකි බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් ජේ.ආර්. ජයවර්ධන මහතා ද නොසීතූ ලෙස විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමෙන් මේ රටේ බියකරු අනාගතය බේරා ගැනීමට හැකි වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපතිවරයා මෙම සංශෝධනය තුළ අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර පාර්ලිමේන්තුවට උත්තර දීමට ද බැඳී සිටිය යුතු යන ප්‍රධාන කරුණු 19 වන සංශෝධනය තුළින් සිදු වී තිබේ.

    එසේම වසර 6කට තිබුණු ජනාධිපති ධූර කාලය වසර 5කට සීමා කර ධූරය දැරීමේ වාරය ගණන 2කට සීමා කර තිබේ.

    10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් ස්ථාපිත කර ඉන් 7 දෙනෙකු මහජන නියෝජිතයින්ගෙන් සහ තිදෙනෙක් විද්වතුන්ගෙන් පත් කෙරේ.

    හිටපු ජනාධිපතිවරුන් නොකළ ආකාරයෙන් විධායක ජනාධිපතිවරයාගේ බලතල මනා ශික්ෂණයෙන් උපක්‍රමශීලීව අඩු කිරීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බව රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

    විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව දශක ගණනාවක සිට ගෙන ගිය අරගලය අද යථාර්ථයක් බවට පත් වී තිබෙන බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වා තිබෙන බවත් සියලු බලවේග පරාජය කරමින් කෙසඟ සිරුරක් ඇති ගොවි පුත්‍රයා ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කළා. ඒකාධිපති වියරුවෙන් මේ රට බේරා ගත්තා. මේ ගමන් මඟ නැවත කිසිවෙකුට වෙනස් කළ නොහැකි ආකාරයෙන් වෙනස් කර තිබෙන බව ද සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    kpm/PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya