ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වැඩභාර ගනී Featured

    මැයි 08, 2015
    පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්යවරියක සහ සිංහල අධ්‍යයන අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ආචාර්ය එස්.කේ.එම්.ඩී. දර්ශනී ගුණතිලක මහත්මිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ සිය රාජකාරී අද (08) නිල වශයෙන් ආරම්භ කළාය.
     
    ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අද පෙරවරු 10.02ට යෙදී තිබුණු සුබ මොහොතින් එතුමිය  සිය රාජකාරී ආරම්භ කළාය.
     
    කිසිදු පුද්ගලික දැනහැඳුනුම්කමකින් තොරව තමා මෙම ධූරයට පත්කළ ජනාධිපතිතුමාටත්, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාටත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාටත් ස්තූතිය ප්‍රකාශ කළ අධ්‍යක්ෂ ජනරාල්තුමිය මාගේ දර්ශනය වන්නේ ඔබේ දැක්ම හා මෙහෙවර ප්‍රකාශනය බව ද පෙන්වා දුන්නාය.
     
    දකුණු ආසියාවේ විශිෂ්ඨතම මාධ්‍ය ජාලය බවට පත් කිරීමට දෛනිකව එකම කාර්ය භාරය බවට පත් කරන බවත් ඒ සඳහා සාක්ෂාත් කර ගැනීමට අනලස්ව අපක්ෂාතීව හා කැපවීමේ කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. 
     
    ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ඩබ්.ටී.එන්.අමරතුංග මහත්මිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය රාමනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    kpm
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya