ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නීති විරෝධී සංක‍්‍රමණ වැළැක්වීමට ගෙන ඇති පියවරට පැසසුම්

    මැයි 08, 2015
    මුහුදු මඟින් සිදුකෙරෙන නීති විරෝධී සංක‍්‍රමණ වැළැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සහ රට තුළ ප‍්‍රජාත‍්‍රාන්තීය වෙනස්කම් සඳහා ශී‍්‍ර ලංකා රජය ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ සතුටට පත්වන බව  ඕස්ටේ‍්‍රලියානු ආගමන විගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂාව භාර අමාත්‍ය පීටර් ඩුටෝන් මහතා පවසයි.
     
    මෙරට සංචාරයක නිරත වන  ඕස්ට්‍රේලියානු ආගමන විගමන කටයුතු සහ දේශසීමා ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය පීටර් ඩුටෝන් මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ හමුවක් ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැති අතර එහිදී ‍මේ බව ප්‍රකාශ කොට ඇත.
     
    එහිදී අමාත්‍යවරයා සහ  ඕස්ටේ‍්‍රලියානු කටයුතු සහ දේශසීමා ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා අතර දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
     
    මුහුදු මඟින් සිදුකෙරෙන නීති විරෝධී සංක‍්‍රමණ වැළැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද එහිදී කතාබහට ලක් විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya