ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නව රජයේ ප්‍රමුඛ කාර්යය ප්‍රතිසංස්කරණ සමුදායක් ගෙන ඒමයි

    මැයි 08, 2015
    නව රජය පත්වීමත් සමඟ රජයේ ප්‍රමුඛ කටයුත්ත වූයේ ප්‍රතිසංස්කරණ සමුදායක් ඉදිරිපත් කිරීමත් ඒ අතර ආණුඩු ක්‍රමයකට අදාළ ප්‍රතිසංස්කරණ ගෙන ඒම බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
     
    ලේකම්වරයා මේ බව පැවසුවේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති යෝජිත නව මැතිවරණ ක්‍රමය පිළිබඳ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක්වෙමිනි.
     
    ජනරජයකට අදාළ වන ගුණාංග මේ රටේ නැති බව පසුගිය ජනාධිපතිවරණයේදී කතා වුණා. ඒ නිසා හරයාත්මක ප්‍රතිසංස්කරණ සමුදායක් ගෙන එන්න නව රජයට හැකි වුණා. දැනට ලංකාවේ පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බව බොහෝ දෙනා පිළිගන්නා කරුණක් වුණත් එය වෙනස් කරන්න බලයට පත්වූ කවුරුත් උනන්දු වුණේ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු නව රජය එය වෙනස් කරන්න එකඟ වුණා. එහි නීති කෙටුම්පත සකස් වෙමින් පවතිනවා. මේ තරම් චිරස්ථින මට්ටමින් අපේ ජාතියට ගැටලුවක් වූ මනාප ක්‍රමය වෙනස් කරමු කියන එක ජනතාව අතරින්ම ආ මතටයක් බව ඔහු සඳහන් කළේය.
     
    දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් ඉන්නා විට තමන්ට වගකිව යුතු කොට්ඨාස මට්ටමේ මන්ත්‍රීවරයෙකු නැති එක ජනතාවට ප්‍රශ්නයක් වුණා. යහපත් දේශපාලන සංස්කෘතියක් පවත්වා ගෙන යමින් හොඳ දේශපාලන වාතාවරණයක් ඇති කරන්න මැතිවරණ ක්‍රමයෙන් අවශ්‍යයි. මැතිවරණ ක්‍රමයේ වෙනසට ගැලපෙන මහජන මතයක් හදන්න මාධ්‍ය මඟින් කළ යුතු බවත් ලේකම්වරයා අවධාරණය කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya