ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාදාමයන්ට සහභාගීවීමත් ශ්‍රී ලංකා හමුදාවන්ට අයත් වගකීමකි - ජෝන් කෙරී Featured

    මැයි 08, 2015

    ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ගැනත් ඔහු දිවයිනේ ගත කළ කාලය තුළ දී කළ නිරීක්ෂණයන් ගැනත් ඔබ දන්නා බවට සැක නැත. එසේ වුවද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳව දක්වන ලද අදහස් සහ ආකල්ප පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ලේකම්වරයාගේ වදන් කිහිපයක් උපුටා දක්වයි.

     

    “තමන්ගේම රට වැසියන් නොයෙක් තැන්හි පිහිටුවා ඇති හමුදා මුර පොළවල්වලදී පරීක්ෂාවට ලක්වෙනවානම් එවැනි රටක ජීවත් වීමට අප කිසිසේත් කැමති වන්නේ නැත. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව උදෙසා යුද හමුදාවට විශාල මෙහෙවරක් ඇත. ඉන්දියන් සාගරයේ වැදගත් මුහුදු ගමන් මාර්ග ආරක්ෂා කිරීමේ කාර්යයත් ලොව පුරා ඇති එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාදාමයන්ට සහභාගීවීමත් ශ්‍රී ලංකා හමුදාවන්ට අයත් වගකීමකි.

     

    සටන් බිමෙන් ඈත්ව අනෙකුත් ක්‍රියාදාමයන්ට අවතීර්ණ වනවිට ඔබ සමඟ එක්ව අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදීමට ඇමරිකා එක්සත් ජනපද රජය එකහෙළාම සූදානම් බවත් දන්වනු කැමැත්තෙමි.“ යැයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අදහස් දක්වා ඇත.

     

    රාජ්‍ය ලේකම්වරයාගේ කතාවේ දී අපගේ හමුදාවන් හි ක්‍රියාකාරීත්වය පිළිගත් අතර ඔවුන් වෙත පැවරී ඇති නව අන්තර් ජාතික භූමිකාව ගැනත් පැහැදිලි කර ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. මෙය අපගේ රජයේත් අදහසට අනුකූල අතර එම නිසා ත්‍රිවිධ හමුදා සාමාජිතයන් මේ අදහස්වලට දැඩි අවධානයක් යොමු කිරීම සුදුසු යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම නිවේදනය මඟින් පෙන්වා දෙයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya