ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    හෙද පාසල්,හෙද විශ්වවිද්‍යාල බවට පත් කරන බව ජනපති කියයි

    මැයි 10, 2015

    A nurse Heදැනට පවතින හෙද පාසල්වල පහසුකම් හා තත්ත්වයන් උසස් කර ඒවා හෙද විශ්වවිද්‍යාල බවට පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    ඊයේ (09) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ දී පැවති රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමය විසින් සංවිධාන කරනු ලැබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ය.

     

    සභාව ඇමතූ ජනාධිපතිතුමන් වැඩිදුරටත් කියා සිටියේ ශ‍්‍රී ලංකාව තුළ කිසිදු රටකට නොදෙවෙනි නිදහස් අධ්‍යාපනයක් හා සෞඛ්‍ය සේවාවක් ඇති කිරීම කෙරෙහි සෑම ආකාරයකින් ම කැපවී කටයුතු කිරීම රජයේ අරමුණ බවයි.

     

    එසේ ම, මෙරට සෞඛ්‍ය සේවාවේ හෙද අවශ්‍යතා කඩිනමින් සම්පූර්ණ කර අවසන් කර ජාත්‍යන්තර රැකියා වෙළදපොළ තුළ විශාල ඉල්ලූමක් ඇති හෙද සේවාව වෙනුවෙන් මෙරට හෙද-හෙදියන් යොමු කිරීම කෙරෙහි තම අවධානය යොමු වී ඇති බව ද ජනාධිපතිතුමා පැවසී ය.

     

    මෙම අභියෝගය ජය ගැනීම සදහා, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් අයවැය මගින් වෙන් කරන වාර්ෂික වැය ප‍්‍රතිශතය 5‍% දක්වා ක‍්‍රමයෙන් ඉහළ නැංවීමටත් අවශ්‍ය මානව සම්පත්, තාක්ෂණික උපකරණ හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත් පියවර ගන්නා බව ද ජනාධිපතිතුමන් සදහන් කළේ ය.

     

    මේ අතර තමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී හෙද සේවාවේ දියුණුව වෙනුවෙන් ගත් පියවර කිහිපයක් සිහිපත් කළ ජනාධිපතිතුමා, ඉදිරියේ දී ද හෙද සේවාවේ දියුණුව වෙනුවෙන් තවදුරටත් අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට උපදෙස් දුන්නේ ය.

     

    සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක දියුණුව වෙනුවෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් ලබා දී ඇති දායකත්වට ද පැසසුම් කළ ජනාධිපතිතුමන් ඒ ඒ වෘත්තීන්ගේ ගැටලූ කෙරෙහි මැදිහත්වීමේ පූර්ණ බලය කිසිදු බාධාවකින් තොරව විෂයභාර අමාත්‍යවරුන් වෙත ලබා දී ඇති බව ද පැවසීය.

     

    මෙම අවස්ථාවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. දිසානායක, හිටපු සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අතුල කහදලියනගේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත මහීපාල, වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය සුනිල් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    piru

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya