ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නේපාලයේ සහන සේවා කණ්ඩායම් අද දිවයිනට

    මැයි 11, 2015
    පසුගිය දා නේපාලයේ ඇති වූ භූකම්පනය හේතුවෙන් පීඩාවට පත්වූවන් වෙත සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්කර යැවූ ත්‍රිවිධ හමුදාවට අයත් සහන සේවා කණ්ඩායම් අද (11) දිවයිනට පැමිණීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.
     
    ඒ අනුව පසුගිය අප්‍රේල් 26දා ප්‍රථම සහන සේවා කණ්ඩායම ද, 29දා දෙවන සහන සේවා කණ්ඩායම ද දිවයිනෙන් පිටත් ව ගිය අතර එම සහන සේවා කණ්ඩායමට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් භටයන් 141ක් සහභාගි විය.
     
    ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් භයන් 116ක්, නාවික හමුදාව නියෝජනය කරමින් භටයන් 14ක් සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් භටයන් 11ක් ද මෙම සහන සේවා කටයුතුවල නිරත ව සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya