ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්

    මැයි 11, 2015
    දිවයිනේ වැසි සහිත කාලගුණ තත්ත්වය  තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
     
    රාජකාරියේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට සඳහන් කළේ, අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ  බලපෑම හේතුවෙන්  දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහ අකුණු ඇති විය හැකි බවය.
     
    වර්ධනය වන ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය නිසා සුළගේ වේගය පැයට කිලෝමීටර 70- 80 අතර මට්ටමක පවතින බව ද පබෝධනී කරුණාපාල මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
     
    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya