ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී දේශපාලන මැදිහත් වීම් නැහැ - අමාත්‍ය කරු ජයසූරිය Featured

    මැයි 14, 2015
    දේශපාලඥයින් ප්‍රතිපත්ති සකස් කරන බවත් එම ප්‍රතිපත්ති රාජ්‍ය නිලධාරීන් හරහා ක්‍රියාත්මක වන විට කිසිදු දේශපාලන මැදිහත් වීමක් සිදු නොවන බවත් බුද්ධ ශාසන හා රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා පැවසීය.
     
    යහපාලනය තුළ ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දී තිබෙන බව ප්‍රකාශ අමාත්‍යවරයා දින සියය තුළ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වැඩ කොටසක් කිරීමට හැකි වූ බව ද පෙන්වා දුන්නේය.
     
    ලෝකයේ රාජ්‍ය සේවයෙන් පළමු තැන සිටින ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවේදී  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     
    ඒකාබද්ධ සේවා අංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කටයුතු, පළාත් පාලන, ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අංශය, අභ්‍යන්තර පාලන අංශය, විමර්ශණ අංශය, යන අංශවල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    රාජ්‍ය සේවකයේ සිංහල භාෂාවෙන් වැඩ කරන පිරිස දෙමළ භාෂාව ඉගෙනෙ ගැනීම හා දෙමළ භාෂාවෙන් රාජකාරී කරන පිරිස සිංහල භාෂාව ඉගෙන ගැනීම තුළින් ජාතික සමගිය ගොඩනැගීමට පිටුබලයක් වන බව  ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya